වරක් නුඹ කිව්වා

වරක් නුඹ කිව්වා මෙමා හට
නිතර ඇමතුම් නොගන්නා ලෙස
ආදරේ කරනා උනුන් නොව
මතක් කර මට කීවෙ ඒ ලෙස

වරක් නුඹ කිව්වා මෙමා හට
සෑම සති අන්තෙක ම හමුවිම
උවමනා නැති බවට අප හට
පෙම් කරන අයවලුන් ලෙස හැම

වරක් නුඹ කිව්වා මෙමා හට
ආදරේ අපෙ මුල් ම දින වල
නිතර නුඹගේ නවාතැන වෙත
ඒම නුසුදුසු බවට මා හට

Comments