උපන් දිනය
මැදින් මාසයෙ සොළොස් වන දින නුඹව මම යළි හමු වුනා
පුරුදු මෙන් එය තවත් හමුවීමක් ම වේ දැයි සිත් වුනා
හදිස්සියෙ මෙන් මගේ රථයට කැටුව මා නුඹ පැමිණුනා
නුඹේ මතකෙන් යමක් ගිලිහී ගියේ දැයි මට සිත් වුනා
එදා අප එහෙ මෙහෙ සවාරිත් යන්න පිටමං වී ගියා
අතරමගදී රථය නවතාලන්න නුඹ මට සැල කලා
මගේ අත නුඹ නුඹට දැනි දෙය තබා මා දෙස හිනැහුනා
මගේ රුව නුඹ සිතුවමක් කර මහට තිළිණය කරවුවා
දෑස් තෙත් වී මහදෙ නුඹ ගැන තිබූ ආලය ඉතිරුණා
නුඹට තුති පුද නුඹව වැළඳන් නිහඬ සතුටක් ගත කලා
එතැන් පසු අප අපේ සැමරුම තුටින් ගෙවනට කැප වුනා
නුඹට ප්‍රිය වූ සිතැඟි දෑ හැම ලඟා කරනට සැරසුනා
ගැලරියක සිතුවම් බලන්නට පුරුදු ලෙස දෙදෙන ම ගියා
අවන් හල් වල සැරි සරා අප එදින සප්පායම් වුනා
චිත්‍රපටයක රසය බලනට කිසිත් අමතක නොකෙරුවා
දිනය අවසන යලිත් අප නුඹෙ නවාතැන වෙන පියැඹුවා
මගේ අසලින් වාඩි කරගෙන නුඹට දැනමුතු කම් කියා
නුඹේ දියුණට මතුව නුඹ කැප විය යුතුයි මා සැල කලා
අපේ බැඳුමට නුඹේ රුචියක් කිසිත් නොම වේදැයි කියා
නෙත් බරව නුඹ හට අතීතය අතාරින්නට සැල කලා
මා කොපුල් මත ගලා ගිය කඳුලැලි අතින් නුඹ පිස දමා
මා බදාගෙන මගේ සැනසුම සදන්නට නුඹ මුදු වුනා
මගේ උකුලේ හිස හොවාගෙන නුඹත් නිහඬව ගත කලා
මගේ නෙත් දෙස බලා නුඹ මට නුඹේ වචනය පැවසුවා
මහට මින් මතු පෙම් කරන්නට නුඹේ නිශ්චය පල කලා
අනාගතයේ එන ලෙසක අප මුහුණ දී ඉමු යැයි කියා
පෙම්වතුන් ලෙස නුඹම මා බෝ ආදරින් සිප වැළඳලා
නික්මුනෙමි මම එදින සමු දී පෙම්වතා ලෙස හිනැහිලා

Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.