සමහර දවස්

සමහර දවස් තිබුනා
සුන්දරව ගෙවීත් සොවින් හමාර වුනු
සමහර දවස් තිබුනා
දුක්බරව ගෙවී තුටින් නිමා වුනු
සමහර දවස් තිබුනා
නින්දේත් සදහට ඇහැ පියවෙතැයි හිතුනු
සමහර දවස් තිබුනා
පසු දා ඇහැ ඇරෙන තුරු ඉස්පාසු නූනු

සමහර දවස් තිබුනා
ආදර වියෝවෙන් ආදරේටත් බය වුනු
සමහර දවස් තිබුනා
ආදරය ම ජීවිතයට ඕනෑ යැයි දැනුනු
සමහර දවස් තිබුනා
කොතරම් ආදරේ කලත් මදි යැයි හැඟුනු
සමහර දවස් තිබුනා
කල කී දේවලින් ආදරය මැණුනු

සමහර දවස් තිබුනා
ජීවිතය ජීවත් කරවන්න අදිටන් කෙරුනු
සමහර දවස් තිබුනා
ජීවිතයට තිත තබන තරමට වැටුනු
සමහර දවස් තිබුනා
අන් සතුට පතා දිවි රැකගන්න හිතුනු
සමහර දවස් තිබුනා
අන් සතුටට දිවි කැප කරන්න හිතුනු

Comments